ManyDiffMoods
කල යුත්තේ කුමක් ද?
විවේකයේදී යම් කාර්යයක යෙදී සිටීම මානසික අවශ්‍යතාවයකි. එහෙත් බොහෝදෙනා එම අවශ්‍යතාවය සපුරා ගන්නේ කුමන හෝ එම වෙලාවට සිතට නැගෙන දෙයක් කිරීමෙනි. මෙම කාර්යයන් බුද්ධිමත්ව තෝරා ගැනීමට හැකිනම් එයම ජීවිතයේ විශාල ජයග්‍රහණයකි. අද දවසේ ප්‍රයෝජනවත් එමෙන්ම අත්‍යවශ්‍ය කටයුත්ත තෝරා ගැනීමත් එය නිසියාකාරව ඉටු කිරීමත් මත ඉතාම අර්ථවත් ලෙස ජීවත් වන්නට හැකි වෙනවා පමණක් නොව සමාජයටද සෙතක් සැලසීමට අප කාහටත් හැකි වේ.
වර්තමාන මිනිස් සමාජය මෙන්ම සතා සීපාවා ද ගස් වැල් ඇතුළු මිහිකතට බලපාන ප්‍රශ්න බොහොමයක් තිබේ. මෙම ප්‍රශ්න විසඳා ලීම සඳහා අප්‍රමාදව ඉටුකළ යුතු ඉතා හදිසි කාර්යයක් සපුරා ලීමෙන් වර්තමානයේ පමණක් නොව අනාගතයේ ඇති විය හැකි ප්‍රශ්න සමුදායකින් අපට ගැලවී ගන්නට හැකි වනවා ඇත. මිහිපිට ජීවත් වෙන බුද්ධිමත් ජීවියා ලෙස අනාගත ප්‍රශ්න වර්තමානයේදීම විසඳීමට අප උත්සාහ දැරිය යුතුය. සියලුම තත්වයන් සලකා බලා සෑම මානයකින්ම සොයා බලා කටයුතු කරන්නේ නම් එහිදී ඇතිවන ගැටළු හැකිතාක් අවම කර ගත හැක.
No comments:
Post a Comment