Saturday, July 9, 2011

Life and Time

Life is made of time. 
When we spend time we spend our life.
When we waste our time we waste our life.
When we havn't a plan for today we havn't a plan for our life.
If you love your life dont waste your time.

අනුශ්‍රවයෙන් හෙවත් ආරංචියෙන් වත්, පරපුරෙන් පැවත ආ පමණින් වත්, මෙසේ වෙන්නට ඇතැයි අනුමානයෙන්වත්, පිට කවල තිබූ පමණින් වත්, න්‍යායට එකඟ වූ පමණින් වත්, තර්කයට ගැලපුන පමණින් වත් යමක් නොපිලිගත යුතුය. 

එසේම පුවත් පතක පල වූ පමණින් වත්, සෙල්ලිපියක හෝ වෙනත් පුරාන පුස්කොල පොතක හෝ මූලාශ්රයක තිබූ පමණින් වත්, ඒ එෆ් එම්, බී එෆ් එම්, සී එෆ් එම් යනාදී අනේකවිධ ගුවන් විදුලි නාලිකා වල පැවසූ පමණින් වත්, අට අනූවක් වූ විවිධාකාර රූපවාහිණී නාලිකා වල පැය විසිහතර පුරාවටම පැවසූවත්, කොපමණ කැලෑ පත්තර පල වූවත්, කොපමණ ප්‍රචාරක පෝස්ටර ඇලවූවත්, අතිජාත මිතුරු මිතුරියන් විසින් පුන  පුනා පැවසූවත්, යමක් නොපිලිගත යුතුය. එසේ නම් පිලිගත යුත්තේ කුමන ආකාරයක දැනුම ද?  අසන දකින හැඟෙන සියල්ලම තමාගේම නුවනින් ගැඹුරින් විමසා බලා පිලිගත හැකිනම් පමණක් පිලිගත යුතුය.

Saturday, June 25, 2011

ManyDiffMoods

කල යුත්තේ කුමක් ද?

විවේකයේදී  යම් කාර්යයක යෙදී සිටීම මානසික  අවශ්‍යතාවයකි. එහෙත්  බොහෝදෙනා  එම අවශ්‍යතාවය සපුරා ගන්නේ කුමන හෝ එම වෙලාවට සිතට  නැගෙන දෙයක් කිරීමෙනි. මෙම කාර්යයන් බුද්ධිමත්ව  තෝරා ගැනීමට හැකිනම් එයම  ජීවිතයේ විශාල ජයග්‍රහණයකි. අද  දවසේ  ප්‍රයෝජනවත්  එමෙන්ම  අත්‍යවශ්‍ය  කටයුත්ත තෝරා ගැනීමත් එය නිසියාකාරව  ඉටු කිරීමත් මත ඉතාම අර්ථවත් ලෙස ජීවත්  වන්නට හැකි වෙනවා  පමණක් නොව සමාජයටද  සෙතක් සැලසීමට අප කාහටත් හැකි වේ. 

වර්තමාන මිනිස් සමාජය මෙන්ම සතා සීපාවා ද ගස් වැල් ඇතුළු මිහිකතට  බලපාන ප්‍රශ්න බොහොමයක්  තිබේ. මෙම  ප්‍රශ්න විසඳා ලීම  සඳහා අප්‍රමාදව  ඉටුකළ යුතු ඉතා හදිසි  කාර්යයක්  සපුරා ලීමෙන්   වර්තමානයේ  පමණක් නොව අනාගතයේ ඇති විය හැකි ප්‍රශ්න සමුදායකින්  අපට ගැලවී ගන්නට හැකි වනවා ඇත. මිහිපිට ජීවත් වෙන බුද්ධිමත්  ජීවියා ලෙස  අනාගත ප්‍රශ්න  වර්තමානයේදීම විසඳීමට අප උත්සාහ දැරිය යුතුය. සියලුම  තත්වයන් සලකා බලා සෑම මානයකින්ම සොයා බලා කටයුතු කරන්නේ නම් එහිදී ඇතිවන ගැටළු හැකිතාක්  අවම කර ගත හැක.